Thursday 27 June 2013

රිද්මයක් නැති වූ ස්පන්දනය 
අරුත්සුන් වචන තොග 
මිරිගුවටත් ඇතින් තිබුණ බලාපොරොත්තු 
සිනහවක් නැති මුසල මුහුණ 
මා හැර ගියා,මතකයන් ද සමග 
ඒ ඔබගේ ආගමනය නිසා
හැරයන්නටම  අවැසි නම් 
නවතාගනිවී යයි පතන්නේ ඇයි නුබ
නොදනිද නුබට නුබේ නිදහස මෙන්ම 
මට මගේ නිදහසද ප්‍රේමය තරම්ම වුවමනා බව 

Sunday 23 June 2013

මේ වදන් අකුරු වෙන්නේ හදවතින්ම 
ජිවත්වෙද්දී මගේ කදුළු වලට හේතු වුන 
හිනා වෙන්න උත්සහ කල මාව කදුළු වලම ගිල්ලුව 
හිත කෑලි කැඩිලා යන්නම ක්‍රියා කරපු 
කිසිවෙක් එපා සුදානම් වෙන්න 
මම මල දවසක ඇවිත් කදුළු හලන්න 
මල් අරගන ඇවිත් සංවේදී මිනිස්සු වෙන්න 
අව් කණ්නාඩි පැළද ඇවිත් පෙට්ටිය කර ගහන්න 
පාංශුකුලයට වාඩි වෙලා පව් සෝදාගන්න 
තවත් එකෙකුගේ මෙවැනි සමුගනිමකට හේතු නොවෙන්න 

Thursday 20 June 2013

දත් විලිස්සා සිනාසී  ආයාසයෙන්
ෆොටෝ එකක් ගතිමි මම ම 
කදුළු සුසුම් නොපෙනෙන්නට 
මාගේ සතුට පෙන්නන්නට 
තවත් මං වගේම සුසුම් හෙළන උන්ට 

--නිපු ප්‍රනාන්දු --


Friday 14 June 2013

දැන් නාවත් හමුවෙන්න 
එදාට නොවැරදීම එන්න 
අවලංගු කර හෝ වැදගත් රැස්වීමක් 
වෙලාවට කලින් ඔබ ඇවිත් ඉන්න 
ආයේ ඉතින් ඔබට බාධාවක් නොවේවි 
ඉතින් හිත තෙත් කරන ඇස් බොදකරන් 
කැමතිනම් මල් ටිකකුත් අරන්ම එන්න 
ඇවිත් නොවැරදීම අන්න ඉකි ගසමින් 
ඔබ ගියදා මට සිනාසුන සැම ඇවිත් ඉදිවී 
ඔබ තවමත් මට ආදරේ යැයි සිතා උන් පුදුම වේවි

--නිපු ප්‍රනාන්දු --
14-06-2013

Saturday 8 June 2013

ආයෙත් ඔබ ඒවි අද වාගේම 
මගෙන් සැනසි ඔබ යාවි 
මගේ සිත ඉකි බිදිවී 
ඔබ සිනාසෙමින් දුර යාවි 

ආයෙත් ඔබ ඒවි අද වගේම 
නිවාගත් සිත අවුළු වාවී යලිත් 
මගේ සිත ඇවිලී දවේවි වේදනාවෙන් 
ඔබ සැහැල්ලුවෙන් ඔබේ ලොවට යාවි 

ආයෙත් ඔබ ඒවි අද වාගේම 
මතක තුල මම තනිවේවි 
මා මියදේවී කදුලින්ම 
ඔබ සැමදා ජීවිතය විදිවි  

නිපුනිකා මෙලන්ති 
Handsome why you are too late
Here I am waiting for you
eyes are tired
heart is restless
fedup with dreams
I can imagine
the lovely way you hold me
the way I feel you love
sweet heart be hurry
I am waiting and waiting 
To the moment the wonderfull moment
when our hearts and eyes talk to each other
ඔබ මගේ මල යැයි රැවටී රැවටී 
මා ඔබ අසලට අවා,ඔබ පෙර මං කිවා 
තැවී ලතවිලෙන් මලානික වී සිටි ඔබ 
ගැන මා තැවුණ..දිවා රැ තැවුණ

ඔබ මා මල යයි රැවටී රැවටී 
ම ඔබ අසලට අවා ඔබ පෙර මං කිවා 
තලෙනු නොදී ඔබ නෙළා ගන්න සිතුවා 
ඔබ ආදරයෙන් ඉගි කලා ,ඉගි කලා 
නොනැවතී මා ඔබ අසලට ආවා 
මන් ඔබේ ගොදුර වූවා 
මන් නුබට ගොදුර උනා