Monday 4 August 2014



උතුරේ තම සමීපතමයන්,පවුලේ සාමාජිකයන් අතුරුදහන් වුවන් වෙනුවෙන් ඔවුන්ට අහුම්කන්දිමටත්,ඔවුන් සමග අදහස් බෙදාගැනීමටත් අද දින  එනම් 05.08.2014  අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව මගින් රැස්වීමක් සංවිධානය කොට තිබුණි.මෙයට සහභාගී වීමට සීමිත පිරිසක් කැදවා තිබු අතර ඒ  සදහා ගිහි , පැවිදි ,තානාපති කාර්යාල නියෝජිතයන්,මානව හිමිකම් ක්‍රියාධරයින් සහභාගීවුණි.රැස්වීම ආරම්භ කොට මද වේලාවක් ගතවන විට  භික්ෂුන් පෙරටුකරගනිමින් තිස්දෙනෙකු පමණ පිරිසක් රැස්වීම් ශාලාවට බලහත්කාරයෙන් ඇතුලත්වී අදාළ වැඩසටහන මුළුමනින්ම කඩාකප්පල් කිරීමට උත්සහා කළහ.එමෙන්ම මේ රැස්වීම සදහා කිසිදු මාධ්‍ය ආවරණයක් සංවිධායකයින් විසින් ආරාධනා කර නොතිබුණත්,මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් කණ්ඩායමක් විසින් අතුරුදන්වුවන්ගේ එකතුවේ සභාපතිගේ නමින් මාධ්‍යන්ට ෆැක්ස් පණිවුඩයක් යවා ඇත.මේ අදෘශ්‍යමාන හස්තය කුමක්වුවද ඔවුන් ආගම්වාදයෙන් සහ ජාතිවාදයෙන් මුළාවුවන් කණ්ඩායමක්ම විය යුතුය.නැත්නම් කණ්ඩායමක් එකතුවී සාකච්චාවක නිරතවීම පිළිබදව මෙතරම් කළබල වන්නේ මන්ද?ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම්,සහජීවනය ඉහළින්ම ඇතැයි සළකන ආසියාවේ ආශ්චර්යය යැයි කියාගන්නා දුපතක මෙවන් සිදුවීම් සිදුවිය හැකිද?උතුරු වසන්තයක් ගැන කථා කරන නායකයින්,තමන්ගේ සමීපතමයන් අහිමිවීමෙන් තැවෙන ඒ උතුරේ සහෝදර ජනතාවට සවන් යොමන්නේ කවදාද?




                                                                     සටහන - නිපුනිකා ප්‍රනාන්දු 

Friday 1 August 2014

තනිකම සහ කොන්වීම රජ කරන ලද හෝරාවක මා බලා සිටියෙමි බිත්තිය දෙස.දුර්වර්ණ වූ බිත්තිය දෙස.මාගේ ජිවිතයද මෙසේ මුසල ලෙස දුර්වර්ණවී නේදැයි මට සිතෙයි.මා අත්විදින දෙයම මේ බිත්තියත් අත්විදියයි මට සිතෙයි.එවිටම මට ඔච්චම් කිරීමට මෙන් කූබි රැලක් අත්පටලන් මෙන් දුරගමනක් යන ලෙසකින් මා දෙසට ඇදී එයි.ක්ෂණයකින් මට ඉරිසියාකාරී හැගීමක් දැනෙයි.මා තනිකමින් පෙළෙන විට කූබින් රංචුගැසී මා පසුකොට යෑම මා පරාජිතයෙකු කරනවා නොවේද?හනිකට මම දබර ඇගිල්ලෙන් උන්ව සමුළ ඝාතනයකට පත්කළෙමි.