Wednesday 10 December 2014

ඒකාකාරි තවත් දවසක ආරම්භ කරන්න මම අකමැත්තෙන්ම වගේ උදේ අවදි වුණ මම,ඕනාවට එපාවට වැලේ තිබ්බ කමිසෙකුයි ගිය සතියෙම පට්ට ගහපු ඩෙනිමයි ඇදන් පාරට බැස්සා.මේ නත්තල් මාසේ නේද කියලා හිතෙද්දි මගේ මුහුණට හිනාවක් එනවා.හීනියට එන හිතල හුලං එක්ක මං හිතන්න පටන් ගන්නවා.
පොඩි කාලේ නත්තල දැනුණ විදිය අති විශේෂ වෙන්නේ අම්මා හිටපු නිසා කියලයි මට දැනෙන්නේ.අම්මා කියන්නේ ජිවිතේ දේවල් කොච්චර ලස්සන කරපු චරිතයක්ද?අම්මා හිටපු කාලේ නත්තල කියන්නේ සිරාම නත්තලක්.ඒවා තේරෙන්නේ දැන්.
ඇත්තටම තව කෙනෙක් එක්ක බෙදාගැනීමෙන්/ඇහුම්කන් දීමෙන්/සමාව දීමෙන්/අනෙකාව ආදරෙන් පිළිගැනීමෙන් නත්තල කොච්චර නම් විදින්න පුලුවන්ද?
ඒ වගේ ලස්සන දේවල් අපි ලේසියෙන් මිස් කරගන්නවා කිසිම ගානක් නැතුව.මිස් කරගන්නවා මදිවට ඒ හිස්තැන් වැහෙන්න බොරු දේවල් ගොඩක් ජීවිතේට බලෙන් පටවනවා.
දයාව,ප්‍රේමය,සාමය,සහජීවනය ලස්සන වචන විතරයි අද වෙද්දී.ඒ වචන වලට අර්ථයක් දෙන්න පුළුවන්  මනුෂත්වයත්,සුවිශාල ධෛර්යයකුත් තියෙන එකෙක්ට විතරයි 
එහෙම සියුම් මනුෂ්‍යත්වයක් අද නැති නිසා තමයි අපි වෙන්වුනෙත්,වෙන් වෙලා මෙහෙම විදවන්නෙත්,ජිවිතේ අපිට දෙන්න ලෑස්ති කරලා තිබුණ ගොඩක් ලස්සන දේවල් නැතිකරගත්තෙත්.ඇත්තම  කිව්වොත් මට ඕනා ඉස්සර අවුරුදු වල නත්තල වගේ මේ අවුරුද්දේත් නත්තල ලස්සන කරගන්න.පාට පාට ඇදුම්වලින්,නිලා කුරු අහස් වෙඩිලි,රස කෑම බීම ,තෑගි බෝග මුල් තැන නොගත්ත අපි අපිට ආදරේ කරන ලස්සන නත්තලක්.මම සිංහල බවුද්ද ද?   එයා රෙපරමදුද,   උන් මුස්ලිම්ද,   මුන් බර්ගද නැත්තම්  උන් දෙමළද,  ගොවිගමද ? කරාවේද  කියන ප්‍රශ්ණ,ප්‍රශ්න නොවුන හෑබෑම නත්තලක් .
නත්තල් දාට එකට ගවලෙන ඉස්සරහට ගිහින් ජේසුට සුබ උපන්දිනයක් පතන්න පුලුවන් නත්තලක්.

එහෙම නත්තලක් ගැන බලාපොරොත්තුවෙන් මම ගැම්මකින් ගමන යන්න පටන්ගත්තා