Tuesday 27 January 2015

ඔබේ අමනාප නැති මනාපයට
තනිවූ සිත හනික ගැලුණාට
දිනෙක ඔබ මා හැර යන බව
නොදැනුනා නොවේ


වස්සානය පමා වූ ඔබට
වස්සානයේ දොරකඩ හිදිමින්
ප්‍රේමය අකුරු කළේ
ඔබ හැර යන්න නොවේ


ලෝකය එරෙහි වෙද්දී
ඔබේ සුරැගිල්ලේ එල්ලුනේ
දිනෙක ඔබ මා තනි කරන වග
නොදැන නොවේ


වෙරළේ තනිව සිහින මවද්දී
ඔබේ හිස අතගාමින්
ඔබේ පැසුණු කෙස්ගස්
ඇස නොගැටුණා නොවේ


දහසක් හේතු ගොඩගැසෙද්දී
ඔබ හැරදා ජීවිතය ගෙන යන්න
ඔබ ලග පාළු මකන්නට
මා අකමැති වුණා නොවේ

-නිපුනිකා ප්‍රනාන්දු-

Monday 12 January 2015

සිතුවිලි  අකුරු වුනේ නැහැ
නුබ ගිය දා සිට
යන ඈයෝ පිටත් වුන ගමන්ම
මතක සියල්ලම අමතක කර
සැබෑ වෙනසකට සිත එකලස් කරගැනීම
ගැටළුවක් නොවන බව
ඔප්පුකලා රාජ්‍ය මාධ්‍ය