Tuesday 26 May 2015

මම එයාට ආදරේට කියන්නේ ..................
මිරිගුව

Thursday 7 May 2015

ලෝකය සිත් තැලුව මොහොතක
දැනුනා ඔබ සිටියා ලග ලගම
මිතුරන්ද පස මිතුරන් වූ යුගයක
මතකයි උණුසුම දුන් පපුව
අන්‍යන් කියවා නොගත් මා සිත 
කියවන්නට වාරු ගත්තා නුබ
සිහිය අවසිහිවී දෙඩු වාග් වැල්
ඉවසුවා නොවේද නුබ
අහිංසක වුවත් නෙත් යුග
ධෛර්යයෙන් සිටියා මා ළගම
ක්ෂණයෙන් වාරු නැති වෙන්න
මම ගොඩක් පව් කළාද
එක්වර ගොලු වෙන්න
ඔය හිතට පුලුවන්ද
කව්රුත් කියවා නොගත් මේ සිත
ඔබත් හැර යනවද
-නිපු -
ඔහේ ගෙවෙනා පැයක
අහස බැලුවා නිකමට
කට්ට කලුවර,තරුවක් නැතුව
එත් දෑස එයම ඉල්ලන
සද නම් පෙනුනා පැහැදිලිවම 
එත් දෑස එදෙස නොබලන
රිදෙනකන් හිස,දෑස වෙහෙසුන
එහෙත් ආවෙනෑ තරුව අහසට
-නිපුනිකා-