Friday 24 February 2017

රික්තකයක් පුරවන්නට වෙහෙසුනා
ආදරේට වචනත් මට පැටලුණා
ඔබ යන්නට දවස ලගයි තේරුණා
හැඩුම් හඩක් ගිලන් රථයේ තනිවුණා
සියලු සීමා පසෙකළා
අපහසත් ඔබ ඉවසුවා

දිවියම දිරිය තුල දිය කලා
වේදනා සිත් හි තවරලා

සමීපයන් හැර යනවිට පවා
ආදරෙන් ඔබ හිනැහුණා

වේදනාවේ ඉම කොන සගවලා
කදුළු සගවා ගත් අම්මේ ඔබ  ' මරියා'

Friday 3 February 2017

කල්පයක් වූ තනිකමට 
අරුත් දුන් ඒ තරුව 
සද සමග එක්ව 
නවමු හැඩයක් සමග 
අලුත් කරයි සිත් අහස
සමුගන්නට මොහොතකට කලින් 
ඒ දෑස් ඇසුවා හෙමින් 
එක්මොහොතක් හෝ ඔබට දනුනාද ?
මිත්‍රත්වය පරයා නැගුණ මාගේ ප්‍රේමය
කලුත් වැඩියි වෙහෙසත් දැනෙයි
තරුවක් දෙස බලමින් ආ මග

හදවත තැවෙයි,ගමනාන්තය දුරයි
ජීවිතය ලග තනිකම

ඔය රුව මැවෙයි,හුස්මක් වැටෙයි
කොන්දේසි විරහිත ප්‍රේමය

ජය ටැබ නොවෙයි ඔබ පමණමයි
සිත විමසන්නේ සැමවිට

සුසුමක් නැගෙයි,ආත්මය පිරෙයි
තරුව ඇවිත් මහා පොළොවට