Blog owner is Nipunika Fernando.She is into writing since 2005 and into short film making in 2010.She currently works as a creative writer.
Sunday, 13 July 2014
අපි දවසින් දවස දෙදිෂාවකට ගමන් කරනවා.කාලෙත් එක්ක වැඩියෙන් බැදීම් වැඩි කරගන්න හිතුවත් ආදරේ කරන අයට සහනයක් වෙන්න එයාලාගෙන් ඈත් වෙන්නත් සිද්දවෙනවා.අපහස මැද්දේ ආදරේ අතනොහැර අල්ලන් ඉන්න මොනතරම් ධෛර්‍යයක් ඕනෙද?ඔයාට දැන් මම කියන ඕනෑම වචනෙකට තරහා යනවා වගේම මම නොකියන වචන වලටත් මා එක්ක බහින් බස්වීම් ඇතිකරගන්න ඔයා මට බලකරනවා.ඔයාගේ අහිංසක හිත නපුරුවුණ හේතුව මට හොයාගන්න බැරිවුණා.එත් කල දේට වගේම නොකලදේට චුදිතයා වෙලා නොකරපු වැරදි පිළිගන්නවට වඩා තනිකම දරාගන මග නතර වෙන එක හොදයි කියලා හිතුණා.මාත් එක්ක මේ කෙළවරක් නැති ගමන විදව විදව යනවට වඩා ඔයා වෙනකෙනෙක් එක්ක සතුටින් මේ ගමන යන හැටි දුර ඉදන් හොරෙන් බලන් ඉදලා සතුටු කදුළු හෙලන්න මම ආසයි.
ඔයාට මම එන්න එපා කියද්දී ඔයා බලෙන්ම ආවා.එන්න එපා කිව්වේ ආයෙමත් ප්‍රශ්ණයක් ඇති වෙයි කියලා ඉවෙන්වගේ දැනුන නිසා.හැමදාම වගේ මම අදත් වැරදි කාරී වුණා.ඔයා ආපුවේගයටත් වැඩි වේගයකින් යද්දී මට හරි අසරණකමක් දැනුණා.මම ඔයා වේගයෙන් යන හැටි බලාගෙන උන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.ඔයාව මට තේරුම්ගන්න බෑ කියද්දී මට දැනෙන තරහක්මුසු පරාජිතබව ඔයාට කවදාවත් දැනෙන්නේ නැති වෙයි.ඔයා කියනවා වගේ මට ඒක තේරෙන්නේ නෑ.ඔයාගේ පංතියේ කෙනෙක්ටම තමයි ඒක තේරෙන්නේ.හැමදාම ඔයා මතක්කරලා දෙනකම් මට මතක්වෙන්නේ නැහැ මම ඔයාට වැඩිය පහළ අයටත් වඩා පහලයි කියලා.මගේ හදවතේ බර දවසින් දවස වැඩිවෙන්න තරම් තියෙන ඔයාගේ ආදරේ නිසා මට අමතක වෙනවා මම බොහොම පොඩි කෙනෙක් වග.ඇත්තටම මම පුදුම ආසයි ඔයා ගැන දැනගන්න.නොදැන ආදරේ කලත් ඉස්සරහට යන්න උත්සහ කරද්දී මාව නවතින තැනක් තියනවා.ඒ තැන පුරවගන්න පිපාසාවක් තියෙන්නේ මට.ඒ මම ඔයාව මගේ ජීවිතේම කරගන්න කැමති නිසා.මේ සේරම මටම මුමුණගන්න ගමන් මම තාමත් පාර දිහා බලාගන ඉන්නවා ඔයා හැරිලා මන් දිහා බලනකන්...
Subscribe to:
Posts (Atom)