Thursday, 19 March 2015

Have you ever thought how this feel
When the guy with the innocent eyes
Shouted without a reason…
Mentioning your weaknesses

Hey have you ever felt same as me………

The heart you trust
The words you believe
The hand you hold
Just stand against you

Hay have you ever hurt like this…..

When a world class listener
Turned aside when you cry
The moment the precious feelings expired
When he has forgotten you without forgiving

Have you ever think how this kills me…….

When the guy with innocent eyes
Blaming and rejecting for no reason
Without forgiving for your weaknesses
Leaving you without saying goodbye

Hey can you just imagine how to believe this……



-Nipunika Fernando-

Thursday, 5 February 2015

කොන්දේසි බහුල ලොවක
කොන්දේසි විරහිත පෙමක්
අර්ථ රහිත බව පසක් කල
පෙම්වත ඔබට තුති

Tuesday, 27 January 2015

ඔබේ අමනාප නැති මනාපයට
තනිවූ සිත හනික ගැලුණාට
දිනෙක ඔබ මා හැර යන බව
නොදැනුනා නොවේ


වස්සානය පමා වූ ඔබට
වස්සානයේ දොරකඩ හිදිමින්
ප්‍රේමය අකුරු කළේ
ඔබ හැර යන්න නොවේ


ලෝකය එරෙහි වෙද්දී
ඔබේ සුරැගිල්ලේ එල්ලුනේ
දිනෙක ඔබ මා තනි කරන වග
නොදැන නොවේ


වෙරළේ තනිව සිහින මවද්දී
ඔබේ හිස අතගාමින්
ඔබේ පැසුණු කෙස්ගස්
ඇස නොගැටුණා නොවේ


දහසක් හේතු ගොඩගැසෙද්දී
ඔබ හැරදා ජීවිතය ගෙන යන්න
ඔබ ලග පාළු මකන්නට
මා අකමැති වුණා නොවේ

-නිපුනිකා ප්‍රනාන්දු-

Monday, 12 January 2015

සිතුවිලි  අකුරු වුනේ නැහැ
නුබ ගිය දා සිට
යන ඈයෝ පිටත් වුන ගමන්ම
මතක සියල්ලම අමතක කර
සැබෑ වෙනසකට සිත එකලස් කරගැනීම
ගැටළුවක් නොවන බව
ඔප්පුකලා රාජ්‍ය මාධ්‍ය

Wednesday, 10 December 2014

ඒකාකාරි තවත් දවසක ආරම්භ කරන්න මම අකමැත්තෙන්ම වගේ උදේ අවදි වුණ මම,ඕනාවට එපාවට වැලේ තිබ්බ කමිසෙකුයි ගිය සතියෙම පට්ට ගහපු ඩෙනිමයි ඇදන් පාරට බැස්සා.මේ නත්තල් මාසේ නේද කියලා හිතෙද්දි මගේ මුහුණට හිනාවක් එනවා.හීනියට එන හිතල හුලං එක්ක මං හිතන්න පටන් ගන්නවා.
පොඩි කාලේ නත්තල දැනුණ විදිය අති විශේෂ වෙන්නේ අම්මා හිටපු නිසා කියලයි මට දැනෙන්නේ.අම්මා කියන්නේ ජිවිතේ දේවල් කොච්චර ලස්සන කරපු චරිතයක්ද?අම්මා හිටපු කාලේ නත්තල කියන්නේ සිරාම නත්තලක්.ඒවා තේරෙන්නේ දැන්.
ඇත්තටම තව කෙනෙක් එක්ක බෙදාගැනීමෙන්/ඇහුම්කන් දීමෙන්/සමාව දීමෙන්/අනෙකාව ආදරෙන් පිළිගැනීමෙන් නත්තල කොච්චර නම් විදින්න පුලුවන්ද?
ඒ වගේ ලස්සන දේවල් අපි ලේසියෙන් මිස් කරගන්නවා කිසිම ගානක් නැතුව.මිස් කරගන්නවා මදිවට ඒ හිස්තැන් වැහෙන්න බොරු දේවල් ගොඩක් ජීවිතේට බලෙන් පටවනවා.
දයාව,ප්‍රේමය,සාමය,සහජීවනය ලස්සන වචන විතරයි අද වෙද්දී.ඒ වචන වලට අර්ථයක් දෙන්න පුළුවන්  මනුෂත්වයත්,සුවිශාල ධෛර්යයකුත් තියෙන එකෙක්ට විතරයි 
එහෙම සියුම් මනුෂ්‍යත්වයක් අද නැති නිසා තමයි අපි වෙන්වුනෙත්,වෙන් වෙලා මෙහෙම විදවන්නෙත්,ජිවිතේ අපිට දෙන්න ලෑස්ති කරලා තිබුණ ගොඩක් ලස්සන දේවල් නැතිකරගත්තෙත්.ඇත්තම  කිව්වොත් මට ඕනා ඉස්සර අවුරුදු වල නත්තල වගේ මේ අවුරුද්දේත් නත්තල ලස්සන කරගන්න.පාට පාට ඇදුම්වලින්,නිලා කුරු අහස් වෙඩිලි,රස කෑම බීම ,තෑගි බෝග මුල් තැන නොගත්ත අපි අපිට ආදරේ කරන ලස්සන නත්තලක්.මම සිංහල බවුද්ද ද?   එයා රෙපරමදුද,   උන් මුස්ලිම්ද,   මුන් බර්ගද නැත්තම්  උන් දෙමළද,  ගොවිගමද ? කරාවේද  කියන ප්‍රශ්ණ,ප්‍රශ්න නොවුන හෑබෑම නත්තලක් .
නත්තල් දාට එකට ගවලෙන ඉස්සරහට ගිහින් ජේසුට සුබ උපන්දිනයක් පතන්න පුලුවන් නත්තලක්.

එහෙම නත්තලක් ගැන බලාපොරොත්තුවෙන් මම ගැම්මකින් ගමන යන්න පටන්ගත්තා

Sunday, 30 November 2014

ඔයාට මතකද අපේ බොන්සායි පැළය?
අපිට කියළා දළු දැන්මේත් නැති
අපිට නොකියා කොළ හැලුනෙත් නැති
ඒ බොන්සායි පැළය ඔයාට මතකද ?
ලොකු මුල් නැති නමුත් 
ශක්තිමත් වගේ පෙන්වපු කදක් තිබුණ
අතු ගොඩක් තිබ්බත් කාටත් හෙවනක් නොවුන
පුංචි පෝච්චියක ආඩම්බරෙන් හිරවෙලා වුන්න
ඒ බොන්සායි පැළය ?????
ඔයා කොළ අතගාලා ගණන් කරපු
ඔයත් එක්ක ඔයාගේ කාමරේම උන්නු
හිරු එළිය පතාගන විතරක් එලියට ආපු
ඒ බොන්සායි පැළය
ආන්න ......ඒ පැළය අවසන් ගමන් ගිහින්ලු
ඔයාලගේ අම්මා කිව්වේ
වතුර ටිකක් දාලා බලන්න
ඔයාට හිත හදාගන්න
-නිපු-
Dear dear I just tried it
I needed to be yours badly
Your own one madly
I just wanted to show 
That I am the sister
We both have same ways
Thank you for your time
And thank you for being candid
Thank you for rejecting me
For not owning the same blood
Finally you asking me to leave
I wanted to be yours
Your sister who holds you forever
Thank you for your time
I still feel I am yours