Saturday, 27 April 2013


ඉගිලෙන්න මා  තටු ලැබුවේ
තටු සලන්න ඔබ වෙර දැරුවේ
අබරේ නොහරී උව මේ මහා පොළොවේ
සුවද සමග ම දිශාව දුටුවේ

ආදරේ කරන්න බාධා හැදුවේ
නොදනී ඔබ ඒ මග අරුමේ
සිතට දැනෙන ප්‍රේමයේ සිතුවම් ගොන්නේ
රසය නොව මිල පමණි ඔබ දැක්කේ

අත්හැරීම වටිනාකමි ආදරේ
පහරදී සිත් තලනු නොවේ
බිදුන සිත් ද සුව කළහැකි වනුයේ
ප්‍රේමයේ කෙලවර අනන්තය වන්නේ

-
නිපුනිකා මෙලන්ති-

No comments: