ගෙදර ඉද්දි ගෙදර අපායක්
දුර ආවාම ගෙදර පුදුම සුරලොවක්
මගේම වූ පාරාදීසයක් ,ඔව් මගේම
හීනෙන් වත් සමකරන්න නෑ තැනක්
අම්මා එක්ක කරපු රණ්ඩු
ගේනවා නොදැනී කදුළු
තාත්තා ට කියපු කතා
පළදෙනවද මන්දා දැන්ම
ආයේ ලැබුනොත් මට ගෙදර යන්න
සත්තයි වචනයක් කියන්නේ නෑමයි
කදුළු පිහන් බලන් ඉන්න
එද්දී මම බත් කටක් අනලා කවන්න
නිපුනිකා ප්‍රනාන්දු
No comments:
Post a Comment