Blog owner is Nipunika Fernando.She is into writing since 2005 and into short film making in 2010.She currently works as a creative writer.
Wednesday, 18 September 2013
කනත්තේ
තියන ගොඩක් සොහොන් ලග අද අඩමින් උන්නු පිරිස් මම දැක්කා.මට වගේම ඒ අයටත්
හිතෙනව අැති එයාලගේ දුක විශේශයි කියලා.එක් එක්කෙනා අඩනවා එක එක විදියේ හේතු
වලට,මියගිය අය එක්ක ගත කරපු කාලය මතක් කරමින්,මට මහා තනිකමක් තුල සාමුහික
බවක් දනුනා.ඒ, මන් මේ ලොකේ අඩන එකම කෙනා නොවන බවට සාක්ශි මගේ දෑස් මානයේම
තිබුන නිසා,මහා තනිකමක් දැනුනේ මම ඉස්සර අඩද්දි මා ලග හිටපු කෙනා මන් ලගම
අඩි 6 යක් පොලව යට තනිවෙලා ඉද්දි මමත් පොලොව
උඩ තනි වෙලා නිසා.ක්‍ෂනිකව අැද හැලුන වැස්ස මට උදවු උනා නිදහසේ
අඩන්න.කනත්තේ උන්න අනික් අයටත් එහෙම නිදහසක් අැති වෙයි කියලා හිතුවත් කදුලු
අතරින් බොද වෙලා පෙනුනා ඒ පිරිස් හනි හනිකට දුවනවා වැස්සේන් බේරේන්න.මට
අායේමත් මහා සාමුහිකත්වයක් සමග තනිකමක් දැනුනා.මම පොලව උඩ තනියම උනත් මම
මගේ සමිපතමයා පොලොව යට තනියම නෙවේ කියලා දැනුන නිසා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment