ඈත මිටියාවතේ පාළු ගමනක්
මගේ තනියට මම සිටියත්
ඔබ මා සමගින් කෙටි දුරක් ආ නිසයි
ඔබ තවමත් මා සමගදැයි හැරී බලන්නේ
සිත ගැස්සී ඔබ විමසුවත්
නැත මා ලග මට තනියක්
ඔබ මා සමගින් මිටියාවතේ සැරිසැරුවත්
පාළුව මා සමගින්ම හිදිවී
ඒ ඔබ මා හරි හැටි නොදන්නා නිසයි
මේ ගමන රළුයි,ඔබ මෙන් සියුමැලි නෑ
ඉතින් මම මේ මිටියාවතේ පාළු ගමනක්
දිගම දිග පාළු ගමනක්
නැත මට මාසමගින් තනියක්
No comments:
Post a Comment