Saturday, 4 July 2015

යටගිය දවසක නුබලා  කදුළු සැලුවා මතකය
ඒ මා කළ ඔච්චමකට ලැජ්ජා සිතීය
තවත් එක් දවසක බැණ වැදුණා මතකය
ඒ මා අතින් නුබලා අතපසු වූ නිසාය

ඇතැම් විටක මුනිවත රැකිය නුබලා
ඒ මට පැහැදිලිකර වැඩක් නැති නිසාය
මා මග හැර ගිය වාරද එමටය
ඒ මා සමග වෙහෙසකරවූ නිසාද ?

දුක  ජීවිතය වෙලාගත් සෑම මොහොතකම
නුබලා උණුසුමින් මා වෙලාගත්තේය
ඒ මට අපේ සුවද නොඅඩුව දැනිමටය
මෙතරම් අපි අපේම වුයේ කෙසේද ?

නගිටගන්නට වාරු නැති සද
මා වත්තන් කරගත්තේ නුබලාමය
එක කුසයේ ඉපදීම සාධකයක් නොවේනේද
අසීමිත වූ සොයුරු පෙමට මිතු දමට

Friday, 3 July 2015

යකඩ ඇණවලට මස් ඉරාගෙන
ගැලූ රුධිරය ගතම තෙත්කල
ඇදිරි වෙන දෑස තෙමාගෙන
කදුලක් රූරා අවා කමුලට
වේදනාව හිමිහිට ඈත්කර
මවා ගතිමි ඔබේ රුව
දැන් දැන් එතැයි සිතමින් මා වෙත
මග බලා සිටියෙමි වාට්ටුව කෙලවර
දින දින ගෙවී සත්දවසක් වූ කල
කාණුවට කදුළු ගැලුම් ගණන් කර
ගතේ වේදනාව රෝහල් ඇද මත තනිකර
ආත්මය නිදහස් කරමි සුසුම් පිටකර
-Nipu-