යටගිය දවසක නුබලා කදුළු සැලුවා මතකය
ඒ මා කළ ඔච්චමකට ලැජ්ජා සිතීය
තවත් එක් දවසක බැණ වැදුණා මතකය
ඒ මා අතින් නුබලා අතපසු වූ නිසාය
ඇතැම් විටක මුනිවත රැකිය නුබලා
ඒ මට පැහැදිලිකර වැඩක් නැති නිසාය
මා මග හැර ගිය වාරද එමටය
ඒ මා සමග වෙහෙසකරවූ නිසාද ?
දුක ජීවිතය වෙලාගත් සෑම මොහොතකම
නුබලා උණුසුමින් මා වෙලාගත්තේය
ඒ මට අපේ සුවද නොඅඩුව දැනිමටය
මෙතරම් අපි අපේම වුයේ කෙසේද ?
නගිටගන්නට වාරු නැති සද
මා වත්තන් කරගත්තේ නුබලාමය
එක කුසයේ ඉපදීම සාධකයක් නොවේනේද
අසීමිත වූ සොයුරු පෙමට මිතු දමට
No comments:
Post a Comment