හදවත පුරා සිතිවිලි අරා
මොහොතක් පාසා ඔබ මා හා
තනි හිනයේ ඔබේ චායා
දැනුනා මට සිහිනෙන් පවා
ඉතිරෙයි හැගුමක් සිනහා
අද ඔබ මා ළගටම ආවා
දකිනා තෙක් ඔබේ දෑස් හවසක එදා
සිටියා තනිකමක මා ගිලිලා
දැනුනා ඔබ ඔහුමයි දැනුනා
ඒනිසා ඔබටම ආදරේ දුන්නා
සිහිනය අද එළිවුවා
අද අපි අපේම වුවා
මතුවට ගෙවෙනා තත්පරයක් පාසා
ඔබගේ ආදර ලෝකෙම වීලා
ප්‍රේමයක පහසින් ඔබ හද පුරවා
මම ඉන්නම් ඔබ දෑතින් අල්ලා
No comments:
Post a Comment