Blog owner is Nipunika Fernando.She is into writing since 2005 and into short film making in 2010.She currently works as a creative writer.
Thursday, 9 October 2014
ලංකාවේ රගපාන්න පුළුවන් මිනිස්සු ඉන්නේ රුපවාහිනියේ නෙවෙයි.ඒ රූප පෙට්ටියෙන් එපිට ලෝකේ.ආදරය කරනවා කියලා බිස්නස් කරන ලෝකේ.තමන්ගේ වාසියට,තමන්ගේ වුවමනාවට අනෙකාව සුක්ෂමව පාවිච්චි කරන ලෝකේ.ආදරය ඒකපාර්ශිකව නවතාදමලා තමන් ආදරය කරන කෙනාට අපහස කරන,පාවල දෙන ලෝකේ.ඉතින් ඔයයි මමයි ඉන්නේ මෙන්න මේ ලෝකේ.මේ ලෝකේ අපේ ආදරේට අපි ගරු කරමු.අපේ ආදරේ අපි මුළු ශක්තියෙන්ම ආරක්ෂා කරගන්න ගමන් අනික් සෑම මනුෂ්‍යය ජිවිතයකටම අර්ථයක් දෙමු.
ආදරය ගැන කියලා ගොඩක් අය ස්ටේටස් අප්ඩෙට් කරනවා දිනපතාම.ඒක ඒ ඒ අයගේ නිදහස.එත් අද ආදරෙයි කියලා අවුරුදු ගණන් ඉදලා,දෙන්න පුළුවන් සේරම ජාතියේ බලාපොරොත්තු දීලා ගොඩනැගෙන ආදර මන්දිර කඩාගෙන වැටෙනවා.ඒ කියන්නේ ආදරේ මන්දිරේ පදනමේ ප්‍රශ්ණයක්.ගොඩක් ජිවිත මේ කඩාවැටීම් එක්කම කඩාවැටෙනවා,සමහර ජිවිත ආදරයේ නටබුන් අතරම ආයේ හොයාගන්නම බැරි වෙන්න යටවෙලා යනවා,තව සමහර ජිවිත ගෙවෙන රිද්මය වෙනස් වෙනවා.මේසියල්ල අස්සේ සුළුතරයක් ඉන්නවා කොන්දේසි විරහිත ප්‍රේමය අදුනගත්තු.මේ කොටස සතුටට එහා ගිය ප්‍රීතියක් බුක්තිවිදිමින්,කොන්දේසි බහුල ලෝකයක කොන්දේසි එක්ක ආදරය පටලවා ගෙන ජීවිතය විදවන කෘතීම ආදරවන්තයන් දෙස ශෝකයෙන් බලාගෙන ඉන්නවා.
Monday, 4 August 2014
උතුරේ තම සමීපතමයන්,පවුලේ සාමාජිකයන් අතුරුදහන් වුවන් වෙනුවෙන් ඔවුන්ට අහුම්කන්දිමටත්,ඔවුන් සමග අදහස් බෙදාගැනීමටත් අද දින එනම් 05.08.2014 අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව මගින් රැස්වීමක් සංවිධානය කොට තිබුණි.මෙයට සහභාගී වීමට සීමිත පිරිසක් කැදවා තිබු අතර ඒ සදහා ගිහි , පැවිදි ,තානාපති කාර්යාල නියෝජිතයන්,මානව හිමිකම් ක්‍රියාධරයින් සහභාගීවුණි.රැස්වීම ආරම්භ කොට මද වේලාවක් ගතවන විට භික්ෂුන් පෙරටුකරගනිමින් තිස්දෙනෙකු පමණ පිරිසක් රැස්වීම් ශාලාවට බලහත්කාරයෙන් ඇතුලත්වී අදාළ වැඩසටහන මුළුමනින්ම කඩාකප්පල් කිරීමට උත්සහා කළහ.එමෙන්ම මේ රැස්වීම සදහා කිසිදු මාධ්‍ය ආවරණයක් සංවිධායකයින් විසින් ආරාධනා කර නොතිබුණත්,මාධ්‍ය ආවරණය ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් කණ්ඩායමක් විසින් අතුරුදන්වුවන්ගේ එකතුවේ සභාපතිගේ නමින් මාධ්‍යන්ට ෆැක්ස් පණිවුඩයක් යවා ඇත.මේ අදෘශ්‍යමාන හස්තය කුමක්වුවද ඔවුන් ආගම්වාදයෙන් සහ ජාතිවාදයෙන් මුළාවුවන් කණ්ඩායමක්ම විය යුතුය.නැත්නම් කණ්ඩායමක් එකතුවී සාකච්චාවක නිරතවීම පිළිබදව මෙතරම් කළබල වන්නේ මන්ද?ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිමිකම්,සහජීවනය ඉහළින්ම ඇතැයි සළකන ආසියාවේ ආශ්චර්යය යැයි කියාගන්නා දුපතක මෙවන් සිදුවීම් සිදුවිය හැකිද?උතුරු වසන්තයක් ගැන කථා කරන නායකයින්,තමන්ගේ සමීපතමයන් අහිමිවීමෙන් තැවෙන ඒ උතුරේ සහෝදර ජනතාවට සවන් යොමන්නේ කවදාද?

සටහන - නිපුනිකා ප්‍රනාන්දු
Friday, 1 August 2014
තනිකම සහ කොන්වීම රජ කරන ලද හෝරාවක මා බලා සිටියෙමි බිත්තිය දෙස.දුර්වර්ණ වූ බිත්තිය දෙස.මාගේ ජිවිතයද මෙසේ මුසල ලෙස දුර්වර්ණවී නේදැයි මට සිතෙයි.මා අත්විදින දෙයම මේ බිත්තියත් අත්විදියයි මට සිතෙයි.එවිටම මට ඔච්චම් කිරීමට මෙන් කූබි රැලක් අත්පටලන් මෙන් දුරගමනක් යන ලෙසකින් මා දෙසට ඇදී එයි.ක්ෂණයකින් මට ඉරිසියාකාරී හැගීමක් දැනෙයි.මා තනිකමින් පෙළෙන විට කූබින් රංචුගැසී මා පසුකොට යෑම මා පරාජිතයෙකු කරනවා නොවේද?හනිකට මම දබර ඇගිල්ලෙන් උන්ව සමුළ ඝාතනයකට පත්කළෙමි.
Sunday, 13 July 2014
අපි දවසින් දවස දෙදිෂාවකට ගමන් කරනවා.කාලෙත් එක්ක වැඩියෙන් බැදීම් වැඩි කරගන්න හිතුවත් ආදරේ කරන අයට සහනයක් වෙන්න එයාලාගෙන් ඈත් වෙන්නත් සිද්දවෙනවා.අපහස මැද්දේ ආදරේ අතනොහැර අල්ලන් ඉන්න මොනතරම් ධෛර්‍යයක් ඕනෙද?ඔයාට දැන් මම කියන ඕනෑම වචනෙකට තරහා යනවා වගේම මම නොකියන වචන වලටත් මා එක්ක බහින් බස්වීම් ඇතිකරගන්න ඔයා මට බලකරනවා.ඔයාගේ අහිංසක හිත නපුරුවුණ හේතුව මට හොයාගන්න බැරිවුණා.එත් කල දේට වගේම නොකලදේට චුදිතයා වෙලා නොකරපු වැරදි පිළිගන්නවට වඩා තනිකම දරාගන මග නතර වෙන එක හොදයි කියලා හිතුණා.මාත් එක්ක මේ කෙළවරක් නැති ගමන විදව විදව යනවට වඩා ඔයා වෙනකෙනෙක් එක්ක සතුටින් මේ ගමන යන හැටි දුර ඉදන් හොරෙන් බලන් ඉදලා සතුටු කදුළු හෙලන්න මම ආසයි.
ඔයාට මම එන්න එපා කියද්දී ඔයා බලෙන්ම ආවා.එන්න එපා කිව්වේ ආයෙමත් ප්‍රශ්ණයක් ඇති වෙයි කියලා ඉවෙන්වගේ දැනුන නිසා.හැමදාම වගේ මම අදත් වැරදි කාරී වුණා.ඔයා ආපුවේගයටත් වැඩි වේගයකින් යද්දී මට හරි අසරණකමක් දැනුණා.මම ඔයා වේගයෙන් යන හැටි බලාගෙන උන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.ඔයාව මට තේරුම්ගන්න බෑ කියද්දී මට දැනෙන තරහක්මුසු පරාජිතබව ඔයාට කවදාවත් දැනෙන්නේ නැති වෙයි.ඔයා කියනවා වගේ මට ඒක තේරෙන්නේ නෑ.ඔයාගේ පංතියේ කෙනෙක්ටම තමයි ඒක තේරෙන්නේ.හැමදාම ඔයා මතක්කරලා දෙනකම් මට මතක්වෙන්නේ නැහැ මම ඔයාට වැඩිය පහළ අයටත් වඩා පහලයි කියලා.මගේ හදවතේ බර දවසින් දවස වැඩිවෙන්න තරම් තියෙන ඔයාගේ ආදරේ නිසා මට අමතක වෙනවා මම බොහොම පොඩි කෙනෙක් වග.ඇත්තටම මම පුදුම ආසයි ඔයා ගැන දැනගන්න.නොදැන ආදරේ කලත් ඉස්සරහට යන්න උත්සහ කරද්දී මාව නවතින තැනක් තියනවා.ඒ තැන පුරවගන්න පිපාසාවක් තියෙන්නේ මට.ඒ මම ඔයාව මගේ ජීවිතේම කරගන්න කැමති නිසා.මේ සේරම මටම මුමුණගන්න ගමන් මම තාමත් පාර දිහා බලාගන ඉන්නවා ඔයා හැරිලා මන් දිහා බලනකන්...
Subscribe to:
Posts (Atom)




