Wednesday, 10 December 2014

ඒකාකාරි තවත් දවසක ආරම්භ කරන්න මම අකමැත්තෙන්ම වගේ උදේ අවදි වුණ මම,ඕනාවට එපාවට වැලේ තිබ්බ කමිසෙකුයි ගිය සතියෙම පට්ට ගහපු ඩෙනිමයි ඇදන් පාරට බැස්සා.මේ නත්තල් මාසේ නේද කියලා හිතෙද්දි මගේ මුහුණට හිනාවක් එනවා.හීනියට එන හිතල හුලං එක්ක මං හිතන්න පටන් ගන්නවා.
පොඩි කාලේ නත්තල දැනුණ විදිය අති විශේෂ වෙන්නේ අම්මා හිටපු නිසා කියලයි මට දැනෙන්නේ.අම්මා කියන්නේ ජිවිතේ දේවල් කොච්චර ලස්සන කරපු චරිතයක්ද?අම්මා හිටපු කාලේ නත්තල කියන්නේ සිරාම නත්තලක්.ඒවා තේරෙන්නේ දැන්.
ඇත්තටම තව කෙනෙක් එක්ක බෙදාගැනීමෙන්/ඇහුම්කන් දීමෙන්/සමාව දීමෙන්/අනෙකාව ආදරෙන් පිළිගැනීමෙන් නත්තල කොච්චර නම් විදින්න පුලුවන්ද?
ඒ වගේ ලස්සන දේවල් අපි ලේසියෙන් මිස් කරගන්නවා කිසිම ගානක් නැතුව.මිස් කරගන්නවා මදිවට ඒ හිස්තැන් වැහෙන්න බොරු දේවල් ගොඩක් ජීවිතේට බලෙන් පටවනවා.
දයාව,ප්‍රේමය,සාමය,සහජීවනය ලස්සන වචන විතරයි අද වෙද්දී.ඒ වචන වලට අර්ථයක් දෙන්න පුළුවන්  මනුෂත්වයත්,සුවිශාල ධෛර්යයකුත් තියෙන එකෙක්ට විතරයි 
එහෙම සියුම් මනුෂ්‍යත්වයක් අද නැති නිසා තමයි අපි වෙන්වුනෙත්,වෙන් වෙලා මෙහෙම විදවන්නෙත්,ජිවිතේ අපිට දෙන්න ලෑස්ති කරලා තිබුණ ගොඩක් ලස්සන දේවල් නැතිකරගත්තෙත්.ඇත්තම  කිව්වොත් මට ඕනා ඉස්සර අවුරුදු වල නත්තල වගේ මේ අවුරුද්දේත් නත්තල ලස්සන කරගන්න.පාට පාට ඇදුම්වලින්,නිලා කුරු අහස් වෙඩිලි,රස කෑම බීම ,තෑගි බෝග මුල් තැන නොගත්ත අපි අපිට ආදරේ කරන ලස්සන නත්තලක්.මම සිංහල බවුද්ද ද?   එයා රෙපරමදුද,   උන් මුස්ලිම්ද,   මුන් බර්ගද නැත්තම්  උන් දෙමළද,  ගොවිගමද ? කරාවේද  කියන ප්‍රශ්ණ,ප්‍රශ්න නොවුන හෑබෑම නත්තලක් .
නත්තල් දාට එකට ගවලෙන ඉස්සරහට ගිහින් ජේසුට සුබ උපන්දිනයක් පතන්න පුලුවන් නත්තලක්.

එහෙම නත්තලක් ගැන බලාපොරොත්තුවෙන් මම ගැම්මකින් ගමන යන්න පටන්ගත්තා

Sunday, 30 November 2014

ඔයාට මතකද අපේ බොන්සායි පැළය?
අපිට කියළා දළු දැන්මේත් නැති
අපිට නොකියා කොළ හැලුනෙත් නැති
ඒ බොන්සායි පැළය ඔයාට මතකද ?
ලොකු මුල් නැති නමුත් 
ශක්තිමත් වගේ පෙන්වපු කදක් තිබුණ
අතු ගොඩක් තිබ්බත් කාටත් හෙවනක් නොවුන
පුංචි පෝච්චියක ආඩම්බරෙන් හිරවෙලා වුන්න
ඒ බොන්සායි පැළය ?????
ඔයා කොළ අතගාලා ගණන් කරපු
ඔයත් එක්ක ඔයාගේ කාමරේම උන්නු
හිරු එළිය පතාගන විතරක් එලියට ආපු
ඒ බොන්සායි පැළය
ආන්න ......ඒ පැළය අවසන් ගමන් ගිහින්ලු
ඔයාලගේ අම්මා කිව්වේ
වතුර ටිකක් දාලා බලන්න
ඔයාට හිත හදාගන්න
-නිපු-
Dear dear I just tried it
I needed to be yours badly
Your own one madly
I just wanted to show 
That I am the sister
We both have same ways
Thank you for your time
And thank you for being candid
Thank you for rejecting me
For not owning the same blood
Finally you asking me to leave
I wanted to be yours
Your sister who holds you forever
Thank you for your time
I still feel I am yours

Friday, 28 November 2014

ඈත මිටියාවතේ පාළු ගමනක් මගේ තනියට මම සිටියත් ඔබ මා සමගින් කෙටි දුරක් ආ නිසයි ඔබ තවමත් මා සමගදැයි හැරී බලන්නේ
සිත ගැස්සී ඔබ විමසුවත් නැත මා ලග මට තනියක් ඔබ මා සමගින් මිටියාවතේ සැරිසැරුවත් පාළුව මා සමගින්ම හිදිවී ඒ ඔබ මා හරි හැටි නොදන්නා නිසයි
මේ ගමන රළුයි,ඔබ මෙන් සියුමැලි නෑ ඉතින් මම මේ මිටියාවතේ පාළු ගමනක් දිගම දිග පාළු ගමනක් නැත මට මාසමගින් තනියක්
ඈත මිටියාවතේ පාළු ගමනක් මගේ තනියට මම සිටියත් ඔබ මා සමගින් කෙටි දුරක් ආ නිසයි ඔබ තවමත් මා සමගදැයි හැරී බලන්නේ සිත ගැස්සී ඔබ විමසුවත් නැත මා ලග මට තනියක් ඔබ මා සමගින් මිටියාවතේ සැරිසැරුවත් පාළුව මා සමගින්ම හිදිවී ඒ ඔබ මා හරි හැටි නොදන්නා නිසයි මේ ගමන රළුයි,ඔබ මෙන් සියුමැලි නෑ ඉතින් මම මේ මිටියාවතේ පාළු ගමනක් දිගම දිග පාළු ගමනක් නැත මට මාසමගින් තනියක්
ජීවිතය,තනිකම,අහිමිවීම කාටත් නුපුරුදු වචන නොව අප එදිනෙදා අත්දකින දේය.ඉතින් මේ තනිකමට ,අහිමිවීමට ආදරයෙන් මුහුණ දිය හැකිනම් අපගේ ජිවිත කෙතරම් මුවහත් කර ගත හැකිද?අපට කිසිවෙක් ,කිසිදෙයක් සදාකාලිකව හිමි නැති අතර අපිත් කිසිදු මනුෂ්‍යකුට සදාකාලිකව හිමිවන්නෝ නොවෙමු.අයිතිය යන්න තාවකාලිකය.අද ඔබේම වන යම්දෙයක් හෙට එය ඔබට අයිති නැතිව සිටියා සේ වෙනකෙකුගේ වීමට පුළුවන.එය ඔබ ආශාවෙන් භාවිතා කරන කාරය වීමටත්,එය ඔබ පණමෙන් පෙම් කරන ඔබගේ පෙම්වතා වීමටත් පුළුවන.පසුතැවි නොසිටීමට ඔබට කළහැකි හොදම දෙය එය ඔබට අයිතිව තිබෙන කාලයේදී එයට උපරිමයෙන් සැලකීම නොවේද ?

Tuesday, 14 October 2014

 හැමෝම කියන විදියට මම ඔයාව අඩවපු එක විතරමයි කරලා තියෙන්නේ,එත් ඔයයි මමයි දන්නවා අපි එකට කොච්චරනම් හිනා වුනාද කියලා,එහෙම නේද?කියන්න එහෙම නේද?ඔයාගේ නිහඩ බවින් තේරෙන්නේ ඔයත් මං එක්ක අකමැත්තෙන් හිටපු බවක්.හ්ම්ම්.......මේලෝකේ ගොඩක් හොද දේවල් ,ලස්සන දේවල් මිනිස්සුන්ට වැටහෙන්න ගොඩාක් කල් යනවා.පෙරවදන ලියපු ඔයා පසුවදන අනික් මිනිසුන්ට ලියන්න ඉඩ ඇරපු එකටනම් මං කැමතිනැහැ.අන්තිමය දක්වා අපේ ආදරේට කොන්දක් තියෙන්න තිබුණා.එහෙම වෙන්න තිබුණා කියනවා මිසක් කාටවත් මම චෝදනා කරන්නේ නැහැ.ඔයා පිළිගත්තේ නැති උනාට මගේ ආත්මයත් අරගනයි ඔයා අහක බලාගන යන්න ගියේ.අද මට මේ ජිවිතේ තියන එකම බලාපොරොත්තුව මගේ අම්මාගේ සොහොන විතරයි.මම විශ්වාස කරනවා ඒ බලාපොරොත්තුව කව්රුවත් මගෙන් උදුරා නොගනියි කියලා