Monday, 15 January 2018

මතකය ගෙනෙන

කදුළු බිදුදෙකක්

සැනසුවා නෙත

හදවතනම් තාමත් ඒ???
වචන වැලක් හිත සුරන් ගියා
ඉරිතැලී සිත සීතල වුණා
කදුළු සැගවී සෙනෙහස මතුවුණා
සිනහසී මම යළි ලං වුණා
මට දැනෙන්නේ මම ආදරෙයි
මට රිදෙන්නේ මම ආදරෙයි

චෝදනා ඉමකොන පරදනා
වැරදි මගේ ආලයයි විදවනා
සිත රිදී සැගවෙන විලසිනා
යලි යලිත් තව තව ලංවුණා
මට හිතෙන්නේ මම ආදරෙයි
මේ ගයන්නේ මම ආදරෙයි


තව මොහොතකින්  මම නික්මෙනා
ඔබේ  සුවද තව තව දුර ගියා
සිහිනයන් සුළගට මුසු කළා
මතකය සමග මම පාවී ගියා
මම විදවන්නේ මම ආදරෙයි
මේ ලියන්නේ මගේ ආදරෙයි

Monday, 27 November 2017

තනිවුණ හවසක
මියගිය ප්‍රේමය
යළි දළුලන්නට
නොහැකිය හදතුල
මක්නිසාද
රිදවපු තැන්වල
දළු පමණක්ම නොව
සුවදවිහිදන මල්ද
හටගත්තේ පෙරදිනකය
කදුලින් මත්වෙමි
සිත්සේ වැළපෙමි
මොහොතක් රැවටෙමි
සිහිනයකි එය යළි

Friday, 24 February 2017

රික්තකයක් පුරවන්නට වෙහෙසුනා
ආදරේට වචනත් මට පැටලුණා
ඔබ යන්නට දවස ලගයි තේරුණා
හැඩුම් හඩක් ගිලන් රථයේ තනිවුණා
සියලු සීමා පසෙකළා
අපහසත් ඔබ ඉවසුවා

දිවියම දිරිය තුල දිය කලා
වේදනා සිත් හි තවරලා

සමීපයන් හැර යනවිට පවා
ආදරෙන් ඔබ හිනැහුණා

වේදනාවේ ඉම කොන සගවලා
කදුළු සගවා ගත් අම්මේ ඔබ  ' මරියා'

Friday, 3 February 2017

කල්පයක් වූ තනිකමට 
අරුත් දුන් ඒ තරුව 
සද සමග එක්ව 
නවමු හැඩයක් සමග 
අලුත් කරයි සිත් අහස
සමුගන්නට මොහොතකට කලින් 
ඒ දෑස් ඇසුවා හෙමින් 
එක්මොහොතක් හෝ ඔබට දනුනාද ?
මිත්‍රත්වය පරයා නැගුණ මාගේ ප්‍රේමය
කලුත් වැඩියි වෙහෙසත් දැනෙයි
තරුවක් දෙස බලමින් ආ මග

හදවත තැවෙයි,ගමනාන්තය දුරයි
ජීවිතය ලග තනිකම

ඔය රුව මැවෙයි,හුස්මක් වැටෙයි
කොන්දේසි විරහිත ප්‍රේමය

ජය ටැබ නොවෙයි ඔබ පමණමයි
සිත විමසන්නේ සැමවිට

සුසුමක් නැගෙයි,ආත්මය පිරෙයි
තරුව ඇවිත් මහා පොළොවට

Sunday, 4 December 2016

හදවත පුරා සිතිවිලි අරා මොහොතක් පාසා ඔබ මා හා තනි හිනයේ ඔබේ චායා දැනුනා මට සිහිනෙන් පවා ඉතිරෙයි හැගුමක් සිනහා අද ඔබ මා ළගටම ආවා දකිනා තෙක් ඔබේ දෑස් හවසක එදා සිටියා තනිකමක මා ගිලිලා දැනුනා ඔබ ඔහුමයි දැනුනා ඒනිසා ඔබටම ආදරේ දුන්නා සිහිනය අද එළිවුවා අද අපි අපේම වුවා මතුවට ගෙවෙනා තත්පරයක් පාසා ඔබගේ ආදර ලෝකෙම වීලා ප්‍රේමයක පහසින් ඔබ හද පුරවා මම ඉන්නම් ඔබ දෑතින් අල්ලා

Monday, 14 March 2016

එන්න සිනහා පුරෝගන
මා එදා තනිවූ වෙරළ කොනටම
සව්දිය පුරමු,මතක දිය කර
විරහවත් සැමරුමකි සබද
සොයුරන්මෙන් මිතුරන් මා සතු කළ
තෙරක් නොපෙනන අහස
හුරුකල නිසා වෙහෙස
දුරටම යන්න ,එපා ළග රැදෙන්න
එකම අහසක අහක බලාගන
මට බෑ නිදහස විදගන්න

Monday, 7 March 2016

හදවත පිරුණු පිළුනු මතක ගොඩ
දෙඇස් බොර කල අකාල කදුළු කැට
අන්ධකාරය ගෙනා අරුණැල්ලක හැඩ
විදිමින් රිසි සේ තුටු වෙමි ජිවිතයේ හැඩ
සිහින වළ දැමීම ලෙහෙසිය
විප්ලවය පැවැත්වීම දුෂ්කරය
එනමුදු පිටස්තරයෙකු වී උපන්නොත්
වෙනසක් කිරීමට පිපාසා වන්නේමය
බහුතරය ප්‍රිය කරන සම්ප්‍රදායික රටාවෙන් මිදී
වෙනසක් කිරීමට වෙනසක් දැකීමට ලොල් වූ ඔබගේ
ඒ මහා සිහිනය මතු දිනෙක එළි දකින්නේමය

Wednesday, 10 February 2016

ඒ වෙරළේම
ඒ දවසෙම
හිමිදිරියෙ ම
හමුවෙමුද
ඒ වාගේම ...............

Monday, 11 January 2016

ඒ සුළග ගත නිවන
ඒ මුහුද හද රිදවන
ඒ වෙරළ මතක විසිරුණ
ඒ ගමන ආලය තැවරුණ
ඒ දවස යලි නොඑන

Saturday, 4 July 2015

යටගිය දවසක නුබලා  කදුළු සැලුවා මතකය
ඒ මා කළ ඔච්චමකට ලැජ්ජා සිතීය
තවත් එක් දවසක බැණ වැදුණා මතකය
ඒ මා අතින් නුබලා අතපසු වූ නිසාය

ඇතැම් විටක මුනිවත රැකිය නුබලා
ඒ මට පැහැදිලිකර වැඩක් නැති නිසාය
මා මග හැර ගිය වාරද එමටය
ඒ මා සමග වෙහෙසකරවූ නිසාද ?

දුක  ජීවිතය වෙලාගත් සෑම මොහොතකම
නුබලා උණුසුමින් මා වෙලාගත්තේය
ඒ මට අපේ සුවද නොඅඩුව දැනිමටය
මෙතරම් අපි අපේම වුයේ කෙසේද ?

නගිටගන්නට වාරු නැති සද
මා වත්තන් කරගත්තේ නුබලාමය
එක කුසයේ ඉපදීම සාධකයක් නොවේනේද
අසීමිත වූ සොයුරු පෙමට මිතු දමට

Friday, 3 July 2015

යකඩ ඇණවලට මස් ඉරාගෙන
ගැලූ රුධිරය ගතම තෙත්කල
ඇදිරි වෙන දෑස තෙමාගෙන
කදුලක් රූරා අවා කමුලට
වේදනාව හිමිහිට ඈත්කර
මවා ගතිමි ඔබේ රුව
දැන් දැන් එතැයි සිතමින් මා වෙත
මග බලා සිටියෙමි වාට්ටුව කෙලවර
දින දින ගෙවී සත්දවසක් වූ කල
කාණුවට කදුළු ගැලුම් ගණන් කර
ගතේ වේදනාව රෝහල් ඇද මත තනිකර
ආත්මය නිදහස් කරමි සුසුම් පිටකර
-Nipu-

Tuesday, 26 May 2015

මම එයාට ආදරේට කියන්නේ ..................
මිරිගුව

Thursday, 7 May 2015

ලෝකය සිත් තැලුව මොහොතක
දැනුනා ඔබ සිටියා ලග ලගම
මිතුරන්ද පස මිතුරන් වූ යුගයක
මතකයි උණුසුම දුන් පපුව
අන්‍යන් කියවා නොගත් මා සිත 
කියවන්නට වාරු ගත්තා නුබ
සිහිය අවසිහිවී දෙඩු වාග් වැල්
ඉවසුවා නොවේද නුබ
අහිංසක වුවත් නෙත් යුග
ධෛර්යයෙන් සිටියා මා ළගම
ක්ෂණයෙන් වාරු නැති වෙන්න
මම ගොඩක් පව් කළාද
එක්වර ගොලු වෙන්න
ඔය හිතට පුලුවන්ද
කව්රුත් කියවා නොගත් මේ සිත
ඔබත් හැර යනවද
-නිපු -