Monday 15 January 2018

මතකය ගෙනෙන

කදුළු බිදුදෙකක්

සැනසුවා නෙත

හදවතනම් තාමත් ඒ???
වචන වැලක් හිත සුරන් ගියා
ඉරිතැලී සිත සීතල වුණා
කදුළු සැගවී සෙනෙහස මතුවුණා
සිනහසී මම යළි ලං වුණා
මට දැනෙන්නේ මම ආදරෙයි
මට රිදෙන්නේ මම ආදරෙයි

චෝදනා ඉමකොන පරදනා
වැරදි මගේ ආලයයි විදවනා
සිත රිදී සැගවෙන විලසිනා
යලි යලිත් තව තව ලංවුණා
මට හිතෙන්නේ මම ආදරෙයි
මේ ගයන්නේ මම ආදරෙයි


තව මොහොතකින්  මම නික්මෙනා
ඔබේ  සුවද තව තව දුර ගියා
සිහිනයන් සුළගට මුසු කළා
මතකය සමග මම පාවී ගියා
මම විදවන්නේ මම ආදරෙයි
මේ ලියන්නේ මගේ ආදරෙයි

Monday 27 November 2017

තනිවුණ හවසක
මියගිය ප්‍රේමය
යළි දළුලන්නට
නොහැකිය හදතුල
මක්නිසාද
රිදවපු තැන්වල
දළු පමණක්ම නොව
සුවදවිහිදන මල්ද
හටගත්තේ පෙරදිනකය
කදුලින් මත්වෙමි
සිත්සේ වැළපෙමි
මොහොතක් රැවටෙමි
සිහිනයකි එය යළි

Friday 24 February 2017

රික්තකයක් පුරවන්නට වෙහෙසුනා
ආදරේට වචනත් මට පැටලුණා
ඔබ යන්නට දවස ලගයි තේරුණා
හැඩුම් හඩක් ගිලන් රථයේ තනිවුණා
සියලු සීමා පසෙකළා
අපහසත් ඔබ ඉවසුවා

දිවියම දිරිය තුල දිය කලා
වේදනා සිත් හි තවරලා

සමීපයන් හැර යනවිට පවා
ආදරෙන් ඔබ හිනැහුණා

වේදනාවේ ඉම කොන සගවලා
කදුළු සගවා ගත් අම්මේ ඔබ  ' මරියා'

Friday 3 February 2017

කල්පයක් වූ තනිකමට 
අරුත් දුන් ඒ තරුව 
සද සමග එක්ව 
නවමු හැඩයක් සමග 
අලුත් කරයි සිත් අහස