Sunday 26 May 2013

මල් පදුරට වහ වැටුන හිත 
වහා දිව්වා මල් නෙලන්න 
මුළු ගතේම කටු ඇමිණී 
ඉකි ගසා නැවතුණි එතනම 

විෂ බව බලු බැල්මට නොපෙනින 
විෂ උවත් ආදරේ හිතෙන 
මල් නෙලන්න ඕනෙලු සිත 
ඉකි ගසා හඩමින්ම 

Saturday 25 May 2013

සබද ඔබ සදක් වේවි කොහේහෝ අහසක
මං දන්නවා ඔව් මම දන්නෙන ඔබටත් වඩා 
සියලු දේ වෙනස් වේවි ඔබේ ජිවිතේ 
මං දන්නවා ඔව් සබද ඔබටත් වඩා එය 
ඉරට මුවා වී ඔබ උණුහුම් වේවි 
මා පොලවේ සීතලෙන් සුසුම් හෙලන විට 
ආත්මය සොවින් කෑගසවී එසේම වේවි 
එවිට ඔබ මුවා වේවි ම නොපෙනන සේ 
සබද සියලුදේ සිනහවක් වේවි ඔබේ ජිවිතේ 
තරුවක් එවන්න මගේ දිහාවට
තනිකම අළු කරන තරුවක් ,,,,ඔබ සදක් වේවි 
ඒ අහස මා නොවේවි ,,මා නොවේවි 

Friday 24 May 2013

ඔයාලා ගේ ජිවිත වලත් ගොඩක් හිස් කලපරිචේද තිබිලා තියෙනවද? පිළිතුර ඔව් නම් මට සතුටුයි ...මොකද මට එතකොට හිතෙන ගන්නවා මම තනිවෙලා නෑ කියලා . තනිවෙන එක සුන්දරයි කියන්නේ වෙන කරන්නම දෙයක් නැති උනාම මන් හිතන්නේ ..තනි කරලා තියන එක සුන්දරයි නම් ඇයි අපි හැමෝම තනිවෙන්න උත්සහ නොකරන්නේ? දැන් නම් මම ඉන්නේ තනි කමටත් එහා ගිය තැනක ඒ තමයි හිස් කම.එකම විදියේ තප්පර ,මිනිත්තු ,පැය ,දවස් ,සති ,මාස අවුරුදු ඉස්සරහටත් කිසිම දෙයක් පෙන්නේ නෑ .දුකක් ,සතුටක් ,මිතුරෙක් ,සතුරෙක් කව්රුත්ම නැති හිස් අවකාශයක් ....කිසිම දෙයක් වෙන්නේ නැති ...වයස විතරක් ගත වෙලා යන වේදනාකාරී කලච්චේදයක්.ඉතින් දැන් පොඩි පොඩි හේතු වලට ජීවිතේම එපා වෙලා වගේ මුණ එල්ලගන ඉන්න අයට පුළුවනි දැන් හිනා වෙන්න මොකද තාම මට තරම් ජිවිතේ ඔබලාට එරෙහි වෙලා නැහැ ,,,ඉතින් හැම දාම වගේ මම ආයෙත් ඇස්දෙක පියාගන්නවා..බලාපොරෝතුවක් සැනසීමක් හොයාගන්න 

Tuesday 21 May 2013

මිතුර ඔබට ධර්මයක් නැතැයි පවසනුයේ රැඩිකල් යැයි පෙන්වීමට පමණක්ම බව දනිමි .ධර්මයෙන් ජීවිතය විනිවිද නොදක හුදු ආගම,ජාතිය ට මුවාවී අන්‍යයන් සුළු කොට සළකන සැම දෙන ධර්මය යැයි ඔබ අර්ථකථනය කරගෙන ඇත්නම් ඔබ විගස දෑස් විවරකල යුතුවේ .සැබෑ  දහමේ සුළු ජාතින්,මහා ජාතින්,ප්‍රධාන ජාතින් නැත.ඇත්තේ මිනිසුන් පමණි.දහම සම විටම ලව්කික දෙයින් ලෝකෝත්තර දෑ වෙත අප කැදවයිනම් ලව්කිකව මිනිසුන් සාදා ගත් සුළු ජාතිය ,මහා ජාතිය ,ප්‍රධාන ආගම,කරාවේ ,බොදු ගොවි ,අඩු කුලේ ,වැඩි කුලේ ,ගොවි ගම අනේකවිද ලව්කික දෑ සමග දින පතා අපි සටන්වදින්නේ කුමට ??

Sunday 12 May 2013

අද අම්මලාගේ දවසලු 
මට අමුතක් දැනුනා 
සුබ පතන්න අම්මෙක් ??
එත් මම ගොඩක් කල්පනා කලා 
පල්ලියේ රෝස මල් ගොඩක් තිබුණා 
එකක් හොරෙන් කඩන් ගෙදර ගියා 
අමාරුවෙන් අම්මා ලගට ගිහින් සුබපතුවා 
අම්මා ගස්සල අහක බලාගත්තා 
රෝස කට්ටක් මගේ හිතට ඇනුණා 

Tuesday 7 May 2013

නිම වෙනවා අද , ගෙවූ නිදහස් කාලය 
කෙතරම් සැනසීමක් දුන්නද මේ බිත්ති මට 
ගතු,කේලම්,අපහස,චෝදනා කලේ නෑ  නුබ 
දුෂ්ටකම් කලත් අලුගෝසුවා අපට අද 
අමතක වෙනේ නෑ අප ගෙවූ කාලය 
මන් ලියු කවි,කුරුටු චිත්‍ර මතක ලෙස තබාගන 
තෑගි දෙන්න නිවැරදි වැරදිකරුවෙකුට 

---නිපු ප්‍රනාන්දු ---
HOmE sIcK........

ගෙදර ඉද්දි ගෙදර අපායක් 
දුර ආවාම ගෙදර පුදුම  සුරලොවක් 
මගේම වූ පාරාදීසයක් ,ඔව් මගේම 
හීනෙන් වත් සමකරන්න නෑ තැනක් 

අම්මා එක්ක කරපු රණ්ඩු 
ගේනවා නොදැනී කදුළු 
තාත්තා  ට කියපු කතා 
පළදෙනවද මන්දා දැන්ම 

ආයේ ලැබුනොත් මට ගෙදර යන්න 
සත්තයි වචනයක් කියන්නේ නෑමයි 
කදුළු පිහන් බලන් ඉන්න 
එද්දී මම බත් කටක් අනලා කවන්න 

නිපුනිකා ප්‍රනාන්දු 


I wakeup suddenly,May be its midnight
And I realized I am away from you
My heart started to pain like about to blast
The love,careness,tolerating you given
Missing all , Missing you,Missing me

The way you bear your pain
The way you want me
The way I leave you
The way I am suffering now

Your eyes still waiting,I know
I can't count days as its too long
I am not stronger you know
I am a loser you don't know

--Nipunika Fernando--
   07.05.2013

Sunday 5 May 2013

Goals ලගට යන්න 
ඉනිමගක්  තියන්න 
වස්සානය ගෙවී යන්න කලින් 
ඔබ එනවද පමා නොවී