Sunday 13 July 2014

අපි දවසින් දවස දෙදිෂාවකට ගමන් කරනවා.කාලෙත් එක්ක වැඩියෙන් බැදීම් වැඩි කරගන්න හිතුවත් ආදරේ කරන අයට සහනයක් වෙන්න එයාලාගෙන් ඈත් වෙන්නත් සිද්දවෙනවා.අපහස මැද්දේ ආදරේ අතනොහැර අල්ලන් ඉන්න මොනතරම් ධෛර්‍යයක් ඕනෙද?ඔයාට දැන් මම කියන ඕනෑම වචනෙකට තරහා යනවා වගේම මම නොකියන වචන වලටත් මා එක්ක බහින් බස්වීම් ඇතිකරගන්න ඔයා මට බලකරනවා.ඔයාගේ අහිංසක හිත නපුරුවුණ හේතුව මට හොයාගන්න බැරිවුණා.එත් කල දේට වගේම නොකලදේට චුදිතයා වෙලා නොකරපු වැරදි පිළිගන්නවට වඩා තනිකම දරාගන මග නතර වෙන එක හොදයි කියලා හිතුණා.මාත් එක්ක මේ කෙළවරක් නැති ගමන විදව විදව යනවට වඩා ඔයා වෙනකෙනෙක් එක්ක සතුටින් මේ ගමන යන හැටි දුර ඉදන් හොරෙන් බලන් ඉදලා සතුටු කදුළු හෙලන්න මම ආසයි.

No comments: