Sunday 30 November 2014

ඔයාට මතකද අපේ බොන්සායි පැළය?
අපිට කියළා දළු දැන්මේත් නැති
අපිට නොකියා කොළ හැලුනෙත් නැති
ඒ බොන්සායි පැළය ඔයාට මතකද ?
ලොකු මුල් නැති නමුත් 
ශක්තිමත් වගේ පෙන්වපු කදක් තිබුණ
අතු ගොඩක් තිබ්බත් කාටත් හෙවනක් නොවුන
පුංචි පෝච්චියක ආඩම්බරෙන් හිරවෙලා වුන්න
ඒ බොන්සායි පැළය ?????
ඔයා කොළ අතගාලා ගණන් කරපු
ඔයත් එක්ක ඔයාගේ කාමරේම උන්නු
හිරු එළිය පතාගන විතරක් එලියට ආපු
ඒ බොන්සායි පැළය
ආන්න ......ඒ පැළය අවසන් ගමන් ගිහින්ලු
ඔයාලගේ අම්මා කිව්වේ
වතුර ටිකක් දාලා බලන්න
ඔයාට හිත හදාගන්න
-නිපු-

No comments: