Saturday 8 June 2013

ආයෙත් ඔබ ඒවි අද වාගේම 
මගෙන් සැනසි ඔබ යාවි 
මගේ සිත ඉකි බිදිවී 
ඔබ සිනාසෙමින් දුර යාවි 

ආයෙත් ඔබ ඒවි අද වගේම 
නිවාගත් සිත අවුළු වාවී යලිත් 
මගේ සිත ඇවිලී දවේවි වේදනාවෙන් 
ඔබ සැහැල්ලුවෙන් ඔබේ ලොවට යාවි 

ආයෙත් ඔබ ඒවි අද වාගේම 
මතක තුල මම තනිවේවි 
මා මියදේවී කදුලින්ම 
ඔබ සැමදා ජීවිතය විදිවි  

නිපුනිකා මෙලන්ති 

No comments: