Thursday 9 October 2014

ආදරය ගැන කියලා ගොඩක් අය ස්ටේටස් අප්ඩෙට් කරනවා දිනපතාම.ඒක ඒ ඒ අයගේ නිදහස.එත් අද ආදරෙයි කියලා අවුරුදු ගණන් ඉදලා,දෙන්න පුළුවන් සේරම ජාතියේ බලාපොරොත්තු දීලා ගොඩනැගෙන ආදර මන්දිර කඩාගෙන වැටෙනවා.ඒ කියන්නේ ආදරේ මන්දිරේ පදනමේ ප්‍රශ්ණයක්.ගොඩක් ජිවිත මේ කඩාවැටීම් එක්කම කඩාවැටෙනවා,සමහර ජිවිත ආදරයේ නටබුන් අතරම ආයේ හොයාගන්නම බැරි වෙන්න යටවෙලා යනවා,තව සමහර ජිවිත ගෙවෙන රිද්මය වෙනස් වෙනවා.මේසියල්ල අස්සේ සුළුතරයක් ඉන්නවා කොන්දේසි විරහිත ප්‍රේමය අදුනගත්තු.මේ කොටස සතුටට එහා ගිය ප්‍රීතියක් බුක්තිවිදිමින්,කොන්දේසි බහුල ලෝකයක කොන්දේසි එක්ක ආදරය පටලවා ගෙන ජීවිතය විදවන කෘතීම ආදරවන්තයන් දෙස ශෝකයෙන් බලාගෙන ඉන්නවා.

No comments: