Thursday 9 October 2014

මම ඇවිදන් යනවා සෙරෙප්පු දෙක ගෙවෙනකන් මිනිසුන්ගේ ජිවිත අල්ලගන්න උත්සහකරමින්.වැහි පොදත් වැටුණා කඩින් කඩ.මිනිසුන් දහසක් අතරින් දෑසක් දුටුවෙමි.ඒ දෑස පෙරදිනයක මට පෙම් කල අද වෙන තරුණියකට පෙම්කරන,නමුත් මම තනිවම පෙම්කරන ඒ සුශුම්නාවක් නැති උස පහත හදවත පොහොසත් නැති තරුණයාය.මාගේ පාද නොදැනුවත්වම ඔහුවෙත දිව ගියේ පුරුද්දටය.ආශ්චර්යයකි!! ඔහුට මා නුපුරුදුය.ඔහු අහේතුකව මට බැනවැදෙන්නට විය.''ඔයා මහා ලොකුවට හිතන් ඉන්න පත්තර වලට ලියන කෙනෙක්,ඔයා ඔයාට ඕනේ විදියට සේරම නමනවා.ඒ ඔයාගේ හැටි.ඔයා කරුණාකරලා මෙතැනින් යන්න.නැත්තම් මම කථා කරනවා පොලිසියට'' ඔහු මෙලෙස කියවාගන ගියේය.හරි මම ගිහින් එන්නම්.ඔයත් එක්ක වචනයක් කතාකරන්නයි ඕනේ වුණේ යැයි මා කදුළුපිරි දෑසින් පවසා මිනිසුන් මෙතරම් වෙනස් වන්නේ කෙසේදැයි යන්නට පිළිතුරු සොයමින් පරිප්පු වඩයක් සමග ප්ලේන් ටීයකින් සැනසුනෙමි.

No comments: