Friday 24 May 2013

ඔයාලා ගේ ජිවිත වලත් ගොඩක් හිස් කලපරිචේද තිබිලා තියෙනවද? පිළිතුර ඔව් නම් මට සතුටුයි ...මොකද මට එතකොට හිතෙන ගන්නවා මම තනිවෙලා නෑ කියලා . තනිවෙන එක සුන්දරයි කියන්නේ වෙන කරන්නම දෙයක් නැති උනාම මන් හිතන්නේ ..තනි කරලා තියන එක සුන්දරයි නම් ඇයි අපි හැමෝම තනිවෙන්න උත්සහ නොකරන්නේ? දැන් නම් මම ඉන්නේ තනි කමටත් එහා ගිය තැනක ඒ තමයි හිස් කම.එකම විදියේ තප්පර ,මිනිත්තු ,පැය ,දවස් ,සති ,මාස අවුරුදු ඉස්සරහටත් කිසිම දෙයක් පෙන්නේ නෑ .දුකක් ,සතුටක් ,මිතුරෙක් ,සතුරෙක් කව්රුත්ම නැති හිස් අවකාශයක් ....කිසිම දෙයක් වෙන්නේ නැති ...වයස විතරක් ගත වෙලා යන වේදනාකාරී කලච්චේදයක්.ඉතින් දැන් පොඩි පොඩි හේතු වලට ජීවිතේම එපා වෙලා වගේ මුණ එල්ලගන ඉන්න අයට පුළුවනි දැන් හිනා වෙන්න මොකද තාම මට තරම් ජිවිතේ ඔබලාට එරෙහි වෙලා නැහැ ,,,ඉතින් හැම දාම වගේ මම ආයෙත් ඇස්දෙක පියාගන්නවා..බලාපොරෝතුවක් සැනසීමක් හොයාගන්න 

No comments: